Header Ads Widget

Responsive Advertisement

නවකවද චෝදනා ලද රුහුණු සරසවියේ දැරියට පොලීසියෙන් කුඩම්මාගේ සැලකිලි

රුහුණ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පල මු වසර ශිෂ්‍යාවක් වන වත්සලා නැමති දැරියට අමානුෂික අන්දමින් නවකවදය සිදු කර ඇතැයි යන චෝදනාව පිට අත්අඩංගුව ගෙන සිටින එම පීඨයේම දෙවන වසර කව්මිණි ලියනගේ නැමති මාතර අකුරැස්ස ප්‍රදේශයේ ශිෂ්‍යාවකට පොලීසිය විසින් කුඩම්මාගේ සැලකිලි දක්වා ඇති බව රුහුණ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ප්‍රකාශ කර සිටී. ගිය වසරේ නොවැම්බර් මාසයේ සිදුවූ සිදුවීමකට මාස ගණනාවක් පසුවී පොලීසිය යුක්තිය ක්‍රියාත්මක කරමින් සිටින අතර මේ සිදුවීමට සම්බන්ධ සැකකාර දැරිය පෙරේදා දිනයේ මාතර පොලීසියට කැඳවා ඇත්තේ ඇයෙගන් මේ සම්බන්ධව ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍ය බව පවසමින්ය. නමුත් මාතර පොලීසියේදී ඇයව අත්අඩංගුවට ගෙන පොලිසිය බාරයේ රඳවාගෙන පසුදින අධිකරණයට ඉදිරිපත්කර ඇත.

   මේ පිළිබඳ දැඩි ලෙස විරෝධය දැක්වූ ශිෂ්‍ය සංගමය පවසා සිටින්නේ අදාල සිදුවීම සිදුවන සමයේ මෙම සැකකාර ශිෂ්‍යයාව තාවකාලික පන්ති තහනමක් හේතුවෙන් එවකට විශ්වවිද්‍යාලයට නොපැමිණි බවයි. එසේ නොපැමිණි ඇයට විරුද්ධව නවකවද චෝදනා එල්ල කිරීම හාස්‍යයට කරුණක් බවත් මෙලෙස රෝගී වූ පලමු වසර දැරිය බලල් අතක් බවට පත්කරගෙන ප්‍රබල බලවේගයක් ශිෂ්‍ය ව්‍යාපාරය හා ශිෂ්‍ය ක්‍රියාකාරකම් මැඩලීමට මෙවැනි නින්දිත උත්සහ ගන්නා බවයි.


   කෙසේ වෙතත් ඊයේ අධිකරණයේදී සැකකාර දැරිය රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝගය ලබාදී ඇති අතර ඉන් අනතුරුව දැරිය සිහි විසඥව ඇදවැටී ඇත. නමුත් ඒ මොහොතේ ඇය අල්ලා ගැනීමට ප්‍රමාණවත් පොලිස් කාන්තාවන් ප්‍රමාණයක්වත් එහි සිට නොමැති අතර දැරිය දැඩි පීඩනයකින් යුතුව ඒ අවස්ථාවට මුහුණ දී ඇත. කෙසේ වෙතත් නවකවද චෝදනා සම්බන්ධව සලකා බලමින් ඉදිරියේදී අධිකරණය මෙම සිදුවීම සලකා බැලීමට නියමිතය.

Post a Comment

0 Comments