Header Ads Widget

Responsive Advertisement

“මත්ද්‍රව්‍ය පාර්සලයේ සිද්ධිය සම්බන්ධයෙන් මම නිර්දෝෂයි“ ඇන්ජෙලා සෙනවිරත්න කියයි

ඒ පාර්සලය මට එවපු එකක් නෙවෙයි..
-ඇන්ජෙලා කියයි
ජනප්‍රිය නිලි ඇන්ජෙලා සෙනෙවිරත්න නමට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට තැපෑලෙන් එවා ඇති හෂීස් නම් මත්ද්‍රව්‍ය පාර්සලට පිළිබඳ ප්‍රශ්නය හේතුවෙන් ඇය අතුරුදහන්ව සිටියත් මේ වන විට ඇය මේ පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කර ඇත. එහිදී ඇය පවසන්නේ මෙය තමන් වෙත එවූ පාර්සලයක් නොවන බවත් අදාල ලිපිනය සහිත තමන්ගේ නිවස බොහෝ කලක සිට කුලී පදනම මත විවිධ පාර්ශවයන්ට ලබාදී ඇති බවත්ය. එම නිසා තමන් මේ පිළිබඳ වගකිව යුතු නැති බව ඇය පවසයි. කෙසේ වෙතත් ලැබී ඇති තොරතුරු වලට අනුව මින් පෙරද ඇගේ නමට මෙවැනි පාර්සල් ලැබී ඇති බව වාර්තා වේ. එම පාර්සල් වලට කුමක් වූයේද යන්න තොරතුරක් නොමැත.

   කෙසේ වෙතත් පොලීසිය මේ පිලිබඳ වැඩි දුරටත් කරුණු අධ්‍යයනය කරමින් සිටින අතර අදාල පාර්ශව අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ අරඹා ඇත.

Post a Comment

0 Comments