Header Ads Widget

Responsive Advertisement

ලබන බදාදා “පබා“ සේරම දේවල් කියාවි.

යොවුන් පරපුරේ දක්ෂ සහ සුරූපී රංගන ශිල්පිණියක් මෙන්ම වත්මන් පාර්ලිමේන්තු වේ ගම්පහ දිස්ත්‍රික් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී වරියක්ද වන උපෙක්ෂා ස්වර්ණමාලි මහත්මිය එළඹෙන බදාදා සිය ජීවිතයේ බොහෝ දේ එලිදරව් කරන්නට අපේක්ෂාවෙන් සිටී. ජීවිතය තුල තමන් මුහුණදුන් අත්දැකීම් සහ ඒවායේදී තමන් කටයුතු කල ආකාරය පිලිබඳ හෙලිදරව්වකට ඇය සූදානම් වේ. සිය රංගන ජීවිතය, දෙදරා ගිය විවාහ ජීවිතය සහ වත්මන් මහජන සේවය පිළිබඳ එහිදී ඇය කතා කරනවා ඇති. මෙම හෙලිදරව් කිරීම සිදුවන්නේ “රන් එෆ්.එම්“ ගුවන් විදුලි සේවාව ඔස්සේ සෑම බදාදාවකම ප්‍රචාරය වන “බදාදා රන් හීසරය“ වැඩසටහන තුලින්ය. මේ බදාදා ඒ සඳහා සහභාගීවන්නේ උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියයි.


   පසුගිය සතිවලදී “රන් හී සරය“ වැඩසටහනට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක මහීන් මෙන්ඩිස් මහතා මෙන්ම එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ යන මහත්වරුන්ද සහභාගී වූ අතර එම වැඩසටහන් බොහෝ ශ්‍රාවක පිරිසක් ශ්‍රවණය කර තිබිණි.

Post a Comment

0 Comments