තමන් කිසි ලෙසකින් වත්මන් රජය සමග එකතුවී පැවැත්ම නිර්මාණය කර නොගන්නා බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා අද ප්‍රකාශකලා. ජනාධිපති සමාව ලැබීමෙන් අනතුරුව ප්‍රථම වරට මාධ්‍ය හමුවක් පවත්වමින් පිරිස ඇමතූ එතුමන් ප්‍රකාශකලේ පොදු විපක්ෂයක් වශයෙන් ඒකාබද්ධව විනාශකාරී රජය පරාජයට තමන් කටයුතු කරන බවයි.
පසුගිය දිනවල විශාල වශයෙන් මහජන හමු සහ සාකච්ඡා හේතුවෙන් අද මාධ්‍ය සාකච්ඡාව පවත්වන විට එතුමන්ගේ හඬඳ වෙනස් වී තිබිණි. එසේම එහිදී උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම ගැන මාධ්‍ය නැගූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් කියා සිටියේ එය නිශ්චිත ක්‍රමවේදයකට අනුව පියවරෙන් පියවර සිදුකල යුතු බවයි.
0 Comments