කැළණි ගඟේ රත්තරන් ඇතැයි යන කටකතාව පැතිරීමත් සමග ඒ ආසන්න ජනතාව වැල නොකැඩී පැමිණ මේවන විට කැලණි ගඟේ රත්තරන් සෙවීමේ ප්‍රයත්නයක නිරත වේ. එසේම දිනකට රුපියල් දස දහසකට වැඩි රත්තරන් ප්‍රමාණයක් සොයාගත හැකි බව එම ජනතාව ප්‍රකාශකලහ. විශාල බේසම් මෙන්ම නිවසේ නෑඹීලි පවා උපයෝගී කරගෙන ජනතාව රත්තරන් සෙවීමේ නිරතවන ආකාරය දැකගත හැක.
මෙහිදී දැකගත හැකි කාරණය නම් කැළණි ගගේ වැලි සමග මිශ්‍රව කුඩා ප්‍රමාණයේ රත්තරන් කැබලි පවතින ආකාරයයි. එක් පුද්ගලයෙක්ට දිනකට පවුම් කාලක(ග්‍රෑම් 2 ක) පමණ රත්තරන් ප්‍රමාණයක් සොයාගත හැකිබව දැනගන්නට ලැබේ. කෙසේ වෙතත් මෙම රත්තරන් ප්‍රමාණය ලංකාවේ වෙළඳපොලට පැමිණියහොත් සැපයුම ඉහලයාමත් සමග රත්තරන් මිල පහත වැටෙනු ඇති.
කෙසේ වෙතත් ඇතමෙක් පවසන්නේ සරත් ෆොන්සේකා මහතා නිදහස් වීමත් සමග ආශ්චර්යමත් ලෙස මෙය සිදුවී ඇති බවය. තවත් පිරිසක් පවසන්නේ මෙය කවුරුන්හෝ නිදහස් වීමේ ප්‍රතිඵලයක් ලෙස නොව තෙල් හා ගෑස් සම්පත මතුවූවාක් මෙන් ජනාධිපතිතුමන්ගේ පිනට රත්තරන්ද මෙම භූමියෙන් මතුවන බවයි.
දැනට ලෝකයේ දකුණු අප්‍රිකාව ආශ්‍රිතව සහ ඇමරිකා මහද්වීපය ආශ්‍රිත රටවල රත්තරන් ඇති අතර වර්තමානයේ සීඝ්‍රයෙන් රත්තරන් මතුවීම පහල බැසීමක් දක්නට ලැබේ.
0 Comments