ශ්‍රී ලංකා කණ්ඩායම 1996 ලෝක කුසලානය ජයගත් සමයේ ලංකා කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් සේවය කල මෙන්ම වර්තමානයේ පාකිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කරන ඩේව් වට්මෝර් මහතා සෑම ටෙස්ට් තරඟයකදීම නැවත අභියාචන හෙවත්(Review) ක්‍රමය ක්‍රියාත්මක කරන ලෙස අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා සිටියි. එයට හේතුව ඒ තුලින් සර්ව සම්පූර්ණ ටෙස්ට් තරඟයක් පැවැත්විය හැකි බැවින් යයි ඔහු ප්‍රකාශ කරයි. පසුගිය ශ්‍රී ලංකා - පාකිස්තාන ටෙස්ට් තරඟයේදී Review ක්‍රමය ක්‍රියාත්මක නොවූ අතර ඒ හේතුවෙන් විවිධ අසාධාරණකම්ද සිදුවූ බව ඔහු පවසයි.
කෙසේ වෙතත් මෙම Review ක්‍රමය සඳහා විශේෂ තාක්ෂණික අවශ්‍යතාවයන් ඇති බැවින් තරඟයකදී ඒ සඳහා ඇමරිකානු ඩොලර් 100,000 ක පමණ වැයවන බැවින් එය යම්තාක් දුරට ගැටළුවක්ව පවතී. එසේම මේ හා සමාන තවත් උප ක්‍රමයක් වන Hawk Eye ක්‍රමය සඳහාද ඒ සමාන මුදලක් වැයවෙන බව වාර්තා වේ.
0 Comments