සුප්‍රසිද්ධ ඩිස්නි සමාගම ලංකාවේ ප්‍රසිද්ධ රෙදිපිළි සමාගමකට එරෙහිව නඩු පැවරීමට සූදානම් වන බවට වාර්තාවේ. දැනටමත් ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගෙනන ඇති බව වාර්තාවේ. මෙලෙසින් නඩු පැවරීමට හේතුවී ඇත්තේ ඩිස්නි සමාගමේ අයිතිය සතුවන ලාංඡනය යොදාගෙන අදාල ලාංකීය රෙදිපිලි ව්‍යාපාරික ආයතනය තම වෙළඳ කටයුතු කරගෙන යාමය. ව්‍යාපාරවලදී වරලත් සමාගම් ක්‍රමයේදී හැරෙන්නට අදාල මව් සමාගමේ ලාංඡනය වෙනත් දේශීය සමාගමකට භාවිතා කල නොහැකි බවට නීතිමය අවහිරතා පවතී. කෙසේ වෙතත් ලෝක ප්‍රසිද්ධ සමාගම මෙලෙසින් නීතිමය පියවර ගැනීම හේතුවෙන් බොහෝවිට විශාල වන්දියක් ගෙවීමට අදාල ලංකා සමාගමට සිදුවනු ඇති බව වාර්තා වේ.
0 Comments