ඇන්ජෙලෝ මැතිව්ස් යනු මෑත කාලීනව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක්වූ අති දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. එසේම වර්තමාන කණ්ඩායමේ උපනායකයා ලෙසින් ක්‍රීඩාකරන මැතිව්ස් වර්තමානයේ ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරද්දී ඇතිවුණ ආබාධ හේතුවෙන් පන්දු යැවීමෙන් මදක් වැලකී සිටියි. එසේම පසුගිය ලෝක කුසලාන අවසන් මහා තරඟයටද ඔහුට සහභාගී වන්නට නොහැකි වුනේ ආබාධ නිසාය. නමුත් මේ දිනවල පැවැත්වෙන් ඉන්දියානු ප්‍රීමියර් ලීගය(IPL) තරඟාවලියේ Pune Worriers India කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමෙන්ද සක්‍රීයව දායක වන මැතිව්ස් ගේ නොතේරෙන කතාව ගැන ෆේස්බුක් සමාජ ජාලයේ අපූරු දැන්වීමක් මේ දිනවල හුවමාරු වේ.
විශාල කර බැලීමට ඡායාරූපය මත ක්ලික් කරන්න
ජාතික කණ්ඩායම වෙනුවෙන් කල නොහැකි දේ කෝටි ගණනක මුදල් හුවමාරු වෙන අයි.පී.එල් හී දී කලහැකි වීම සැබෑ ලෙසම ලාංකීය ක්‍රීඩා ලෝලීන්ගේ හිතේ මහත් ව්‍යාකූල තත්වයක් ඇතිවන සාධකයක් වීම දැන් වැලැක්වීමට නොහැකිවී ඇත.
0 Comments