පසුගියදා කටුවන ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට වෙඩි ප්‍රහාර එල්ල කර එහි සිටි කාන්තාවක් හා තරුණයෙක් ඝාතනය කිරීමට සැකකරුවෙක් ලෙස නම්කර සිටි ජූලම්පිටිය අමරේ නැමති තැනැත් තා අද අධිකරණ නියෝගයක් මත හඳුනාගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කල අතර එහිදී සාක්ෂිකරුවන් සිව්දෙනාගෙන් තිදෙනෙක් විසින් අමරේ හඳුනාගෙන ඇත. එබැවින් මෙම සිදුවීමට අදාල අපරාධකරුවෙක් ලෙස අමරේට තව දුරටත් රිමාන්ඩ් බාරයේ සිටීමට සිදුවනු ඇත.
කටුවන වෙඩි තැබීමට මෙන්ම ඉන්පෙර අපරාධ ගණනාවකට සැකපිට සහ වරදකරු බවට පත්ව ඇති අමරේ අත්අඩංගුවට ගැනීමට පොලීසිය පවා ඉදිරිපත් නොවූ බව වාර්තාවේ.
0 Comments