Header Ads Widget

Responsive Advertisement

අෆ්රිඩිට ක්‍රිකට් එපා වෙලා..

පාකිස්තානු කණ්ඩායමේ අතිදක්ෂ තුන් ඉරියව් ක්‍රීඩක ෂහීඩ් අෆ්රිඩිට ක්‍රිකට් එපාවෙන තත්වයක් උද්ගතවී ඇති බව වාර්තාවේ. මෙයට හේතුව වී ඇත්තේ ශ්‍රී ලංකාව සමග පැවත Jazz කුසලාන එක්දින තරඟාවලියේදී ඔහුගේ දක්ෂතා ඉතා පහල මට්ටමක පැවතීමය. අෆ්රිඩි මෙම තරඟාවලි යේ ලංකාවට එරෙහිව තරඟ 4 කදී පිත්තෙන් ලබාගෙන ඇත්තේ ලකුණු 28 ක් පමණක් වන අතර පන්දුවෙන් කඩුලු 3 ක් පමණක් ලබාගෙන තිබීම හේතුවෙන් තරඟාවලියේ පරාජයට එයද එක් හේතුවක් විය. මෙම කාරණාව නිසාවෙන් අෆ්රිඩිට දැන් එක්දින ක්‍රිකට් ක්‍රීඩාව එපාවී ඇති අතර නුදුරු දිනකදී එක්දින තරඟ පිටියෙන් සමුගැනීමට බොහෝ දුරට ඉඩඇති බව වාර්තා වේ.


    කෙසේ වෙතත් ඔහු තවමත් පන්දුවාර 20 තරඟවලදී දක්ෂතා අතර සිටින හෙයින් තවදුරටත් එම තරඟ සඳහා සහභාගීවනු ඇති. අෆ්රිඩි නිරතුරුව පාකිස්ථානු ක්‍රිකට් පාලක මණ්ඩලය සමග ගැටුම් ඇතිකරගන්නා ක්‍රීඩකයෙක් ලෙස ප්‍රසිද්ධියක් උසුලයි. කෙසේ වෙතත් පාකිස්ථානු ක්‍රිකට් ජවය මෙතෙක් කල රැදී තිබුනේ අෆ්රිඩි මත බව නොරහසකි.

Post a Comment

0 Comments