හම්බන්තොට කටුවන ප්‍රදේශයේ ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීම කට අවිගත් පිරිසක් යතුරුපැදි වලින් පැමිණ කල වෙඩි තැබීමක් හේතුවෙන් දෙදෙනෙක් මියගොස් තවත් කීපදෙනෙක්ට තුවාල සිදුවී ඇත. රැස්වීම පැවැත්වෙන් අතර තුර යතුරු පැදි පහකින් පමණ පැමිණි අවිගත් පිරිසක් රැස්වීමේ කථිකයන් දෙසට මෙන්ම රැස්ව සිටි ජනතාව දෙසටද වෙඩි තබා ඇත. අදාල වෙඩි තැබීම සිදුවන මොහොතේ ජවිපෙ නායකයන් කිසිවෙක් එම ස්ථානයේ සිට නොමැත.
වෙඩි තැබීම හේතුවෙන් මියගය දෙදෙනා අතර කාන්තාවක්ද වේ. ජවිපෙ මෙම රැස්වීම සංවිධානය කල කණ්ඩායම ප්‍රකාශකර සිටින්නේ දින කීපයක පටන් තමන්ට මෙම රැලිය නොපවත්වන ලෙස තර්ජනය කල බවත් මෙහි වගකීම රජයට සම්බන්ධ ප්‍රදේශයේ අවිගත් මැර කල්ලි බාරගත යුතු බවයි.
0 Comments