Header Ads Widget

Responsive Advertisement

ලංකාවේ රත්තරන් නිධි ඇති කතාව බොරුවක්ලු

ලංකාවේ රත්තරන් නිධි ඇතිබව ඇතැම් පාර්ශව සඳහන් කලත් ශ්‍රී ලංකාව තුල කිසිම වාණිජ මට්ටමේ රත්රන් නිධි පැවතිය නොහැකි බව භූවිද්‍යා හා පතල් කාර්යංශයේ සභාපතිවරයා ප්‍රකාශ කර ඇත. කැළණී ගඟේ පූගොඩ ප්‍රදේශය ආශ්‍රිතව රන් මතුවීමත් සමග පාර්ශව ගණනාවක් ලංකාව තුල රන් නිධි කැණීම් කල යුතු බව ප්‍රකාශ කලත් එය ප්‍රයෝජනවත් අදහසක් නොවන බව ඔහු පවසයි. මෙලෙස සුළු වශයෙන් රන් කැබලි හමුවුණත් එය මහා පරිමාණ රන් නිධියක ලක්ෂණයක් නොවන බව පැවසීය.

   පූගොඩ ප්‍රදේශයේ රන් කැණීම් සඳහා රුපියල් 2000 ක බලපත්‍රයක් යටතේ සීමිත පිරිසකට අවස්ථාව ලැබී ඇති අතර ඔවුන් දිනකට රුපියල් 3000 කට ආසන්න වටිනාකමක් ඇති රන් කැබලි සොයාගන්නා බව වාර්තා වේ.


     එසේම කිරිඉබ්බන්ආර,බලන්ගොඩ, රත්නපුර වැනි ප්‍රදේශවලත් ඇතැම්විට මෙවැනි සුළු රන් ඉල්ලම් පැවතිය හැකි බවත් නමුත් ඒවා වාණිජමය මට්ටමේ රන් නිධි බවට පත්විය නොහැකි බව එතුමන් වැඩිදුරටත් පවසා සිටීය.

Post a Comment

0 Comments